
චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් උණු කරන ලද චොකලට් ලීටර් 17කින් සාදන ලද චාල්ස් රජුගේ ජීවින ප්‍රමණයේ චොක්ලට් මූර්තියක් නිර්මාණය කර තිබෙන බව බ්‍රිතාන්‍යයෙන් වාර්තාවේ.
එළැඹෙන සතියේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි ඔහුගේ ඓතිහාසික රාජාභිෂේකයට දින කිහිපයකට පෙර මෙය නිර්මාණය කිරීමද සුවිශේෂ වී ඇත. මෙය කිලෝ ග්රෑම් 23 කට වඩා බරින් යුක්ත වන අතර නිර්මාණය කිරීමට සති හතරක් ගත වුනු බව පැවසේ.
රජුගේ පෙනුම හැකිතාක් ඔහුට සමාන කර නිර්මාණය පිනිසි සැලසුම් කර මෙය නිර්මාණය කර ඇති බව වාර්තා වී තිබුණි. චොකලට් නිෂ්පාදකයින් සහ ආකෘති නිෂ්පාදන විශේෂඥ කණ්ඩායමක් විසින් මෙය නිර්මාණය කර තිබේ.
සෙලිබ්‍රේෂන් කන්ෆෙක්ෂනරි (Celebrations confectionery) සන්නාමයෙන් මෙය එළි දක්වා ඇත.
රාජාභිෂේකයේදී චාල්ස් රජු පැළඳීමට බලාපොරොත්තු වන නිල ඇඳුමද මෙම රසවත් නිර්මාණයේ තිබේ. ට්වික්ස්, මිල්කි වේ, ග්ලැක්සි සහ බව්න්ටි සෙලිබ්‍රේෂන් චොකලට් වලින් සරසා ඇති බවද සදහන්ය.
රසිකයින් දැඩි ප්‍රියතාවයක් දක්වන වන මෝල්ටේසර්ස් ටීසර් චොකලට් වර්ගය කොලරය සඳහා භාවිතා කර ඇත. ස්නිකර්ස්ද යොදාගනිමින් චොක්ලට් වලින් රජුගේ පපු පෙදෙසේ පදක්කම් නිර්මාණය කර ඇත.
චොකලට් නිර්මාණ ශිල්පිනී ජෙනිෆර් ලින්ඩ්සේ-ක්ලාක් හට මෙය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවී ඇති බව සඳහන්ය. මේ සඳහා දළ වශයෙන් උණු කළ චොකලට් 2,875 ක් භාවිතා කර ඇතැයි වාර්තා වේ. මෙම මූර්තිය ස්ලෝ (Slough) හි මාර්ස් රිග්ලි UK (Mars Wrigley UK) මූලස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙනු ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval