
සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් රංගන ශිල්පිණී යුරේනි නෝෂිකා මෙසේ කියා තිබුණි.
‘මං කොල්ලන්ට රැවටිලා තියෙනවා අනන්ත අප්‍රමාණ. අද කාලෙ පිරිමි ළමයි අපෙන් කාල බීලානේ ඉන්න හදන්නේ. ඒකනේ ප්‍රශ්නේ. අනික දැන් කාලවල් වෙනස්නේ. ඉස්සර තමයි පිරිමි ළමයි ගැහැනු ළමයව බලාගන්නේ. ඒ වුණාට ජීවිතේ අත්දැකීම් මාර වටිනවා. ඒ හැම කෙනකුටම මම ස්තුතිවන්ත වෙනවා. මොකද මම යාළුවෙලා හිටපු හැම පිරිමි ළමයකුම මට ජීවිතේට පාඩමක් උගන්වලා දීලා ගියා.
මගේ ජීවිතේ මාව ඊළඟ තැනට තල්ලු කරපු කට්ටිය ඒ. ඉතිං ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. කනගාටුවක් දුකක් නෑ. පාඩම් ඉගෙනගෙන මගේ ජීවිතය හරියට ගෙනගිය කෙනෙක්.
සැබෑ ජීවිතයේදී මම සැහැල්ලුවෙන් ඉන්න ඕනෑ හන්දා මම හිතට හැඟෙන දේ කියනවා. සමහරු ඒක හොඳින් භාරගන්නවා. තවත් සමහරු තරහෙන් භාරගන්නවා. ඒක මට කරන්න දෙයක් නෑ. මේ ලෝකේ කිසිම මනුස්සයෙක්ට හැමෝම කැමති වෙන්න ඕනෑ කියලා සම්මතයක් නැහැනේ. අපි කොච්චර හොඳ වුණත් අපිට අකැමැති මිනිස්සු පිරිසක් ඉන්නවාමයි. සමහර අවස්ථාවලදී මට දැනිලා තියෙනවා මාව පෙන්වන්න බැරි අය. අපි කතාවට කියන්නේ යුරේනිව දිරවන්නේ නැහැ කියන අය මට මුහුණෙන් පේනවා.
මට හිතෙන්නෙ වැඩිපුර කෙල්ලො. ගැහැනු කට්ටියට මාව පේන්න බැහැ ලංකාවෙ කොල්ලො මට ගොඩක් ආදරෙයි‘

Comments
Post a Comment
Your comment will be visible after approval