
රංගන ශිල්පිණී සෙනාලි ෆොන්සේකා ගැන පසුගිය කාලයේ පැතිරුණ කතාවක් වූයේ ඇය ශ්‍රී ලංකාවේදී විවාහ ගිවිසගෙන තිබෙන බවයි. ඇය නැවත එංගලන්තයේ පදිංචියට යන බවද පැවසිණි.කෙසේනමුත් ඒ ආරංචිය ඉක්මණින්ම අහවරවූයේ සෙනාලි ඉන් පසු ඒ ගැන කිසිවක් නොකීම නිසාය. ඇය මේ ගැන සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ මෙසේය.
සමාජ මාධ්‍යය තුළ සෙනාලි විවාහ ගිවිසගෙන නැවත එංගලන්තයට පදිංචියට ගියා කියල තිබ්බා. එහි ඇත්තක් තියෙනවා ද?
"මගේ මූණටම ඔය කතාව අහපු අය ඉන්නවා. ඒ හැමෝටම කියන්නේ මම බැන්ඳේ නැහැ කියලා. මොන කටකතා පැතිරුණත් තවම මම බැන්ඳේ නැහැ.
මම විවාහය දකින්නේ හරිම බැරෑරුම් දෙයක් විදියට. ඒ නිසා ආවට ගියාට විවාහය සම්බන්ධ තීරණ ගන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් දික්කසාදය ගැන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එකට ජීවත් වෙන්න බැරිනම් වෙන් වෙන එක වෙනයි. නමුත් දැන දැන ඒ දේට යන්නේ නැහැ.
ඒ නිසාම මම විවාහ වෙනවා නම් ගොඩක් හිතලා බලලා මගේ ඉදිරි අවුරුදු ගණනාව ඔහු එක්ක ජිවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක ගැන හිතලා විවාහ ගිවිස ගන්න කෙනෙක්."
Comments
Post a Comment
Your comment will be visible after approval