ranil-big-match-teachers-issue

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව මාර්තු 17 වැනිදා ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් විය.
එම අත්හිටුවීමට විරුද්ධව ගුරු විදුහල්පති සංගම් මාර්තු විසිදෙවෙනිදා කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක්ද සිදු කළේය.


ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ,
අධ්‍යාපන අමාත්‍යවරයා සහ ලේකම්වරයා යටතේ විධිමත්ව සිදු වූ ගුරුමාරු මණ්ඩල ක්‍රියාවලිය අධ්‍යාපන අමාත්‍යවරයා ලේකම්වරයා නොදැන
ජනාධිපතිවරයාට අත්හිටුවීමට ආසන්න සිදුවීම රාජකීය විද්‍යාලය හා සම්බන්ධිත බවයි. එහි සිටින ගුරුවරුන් මාරු ලබාගැනීමට අකමැති බවත් ඔවුන් කළ ඉල්ලීමක් මත ජනපති ක්ෂණික තීරණයක් ගෙන ඇති බවයි.
හදිසියේම ගුරුමාරු මණ්ඩලය අහෝසි කිරීමට ප්‍රධාන හේතුව පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති ක්‍රිකට් තරඟාවලිය අවස්ථාවේදී
ජනාධිපතිවරයාට යම්කිසි ගුරු කණ්ඩායමක් සිදු කළ ඇවිටිල්ලක් බව ඔහු කියයි.

ජාතික පාසල් හතරක විදුහල්පතිවරුන්ද මෙම කූඨ ක්‍රියාවට හවුල් බව ඔහු පවසයි.
2017 වර්ෂයේදී රාජකීය විද්‍යාලයේ පමණක් ගුරුවරුන් එකසිය හයකගේ මාරු වීම් සිදුකර තිබෙන අතර එම ගුරුමාරු වීම් අතර මුල්
පත්වීම ලබාගත් දිනයේ සිට රාජකීයේම සේවය කළ තිස්අට දෙනෙකු සිටි බවත් එවැනි තත්වයක් උදාවීමට අන් අය දක්වන අකමැත්ත මත සාධාරණ පටිපාටියක් වෙනස් වූ බවයි.