
ඔහු නමින් ටිකිරි බණ්ඩා වුවත් කවුරුත් ඔහු හැඳින්වූයේ හතා මහත්තයා යනුවෙනි. දැනට දිගු කලකට පෙර ගුවන් විදුලියෙන් ප්‍රචාරය වු ‘මොනරතැන්න' නමැති නාට්‍යයේ හතා මහත්තයා ජනප්‍රිය ප්‍රධාන චරිතයකි. කපටි, යටිකූටිපු වැඩ කරන පුද්ගලයෙකි. රාජාංගනයේ ටිකිරි බණ්ඩාද කපටි පුද්ගලයෙකු වූ නිසා කවුරුත් ඔහුට හතා මහත්තයා යන නම පට බැන්දේය. ඒ නිසා ප්‍රදේශයේ කවුරුත් ඔහු දන්නේ ටිකිරි බණ්ඩා ලෙස නොව හතා ලෙසිනි.
ගමේ පොහොසතා වු ධනවර්ධන මුදලාලිගේ ගොයම් කපන්නට දින යෙදී තිබුණි. ගොයම් කැපීමට කුලියට පිරිසක් සොයා ගැනීමට ඔහුට අවශ්‍ය විය.
රංහාමි මගේ කුඹුරේ ගොයම් කපන්ඩ තියෙනවා. දවස් දහයක් විතර වැඩ තියෙනවා. ගමේ කීප දෙනෙක් හොයන්ඩකෝ වැඩි කරන්ඩ යැයි මුදලාලි තම හිතවත් රංහාමිට පැවසුවේය. ඒ අනුව පසුදින හවස රංහාමි මුදලාලිගේ නිවසට පැමිණියේය. එහෙත් රංහාමිට එතරම පිරිසක් සොයා ගැනීමට නොහැකි විය. ගොයම් කැපීමට ඉදිරිපත් වුයේ හතා සහ රංහාමි පමණි. රංහාමි හෙට කී දෙනෙක් එනවද ගොයම් කපන්ඩ. යැයි මුදලාලි විමසුවේය. දිවා ආහාරයද රැගෙන මුදලාලී පසුදින කුඹුරට ගියේය. රංහාමි සහ හතා යන දෙදෙනා පමණක් කුඹුරේ වැඩ කරනු දැක මුදලාලි පුදුමයට පත්වීය.
ඈ... රංහාමි අට දෙනෙක් එනවා කීවට මං අට දෙනෙකුට දවල් කෑම ගෙනවා. දැන් දෙන්නනේ ඉන්නෙ යැයි පැවසීය.මුදලාලි කීවේ හතයි මමයි එනවා කියලනේ. ඉතිං අපි දෙන්නා ආවා යැයි රංහාමි පැවසුවේය. අයියෝ මම හිතුවේ හත් දෙනකුයි තමුසෙයි අට දෙනෙක් එනවා කියලනේ හා දැන් ඉතිං අට දෙනාගෙම කෑම දෙන්නා කාලා වැඩි කරමු යැයි මුදලාලි සිනහ සෙමින් පැවසුවේය.
ඊ.එම්.ජේ. බණ්ඩාර
Comments
Post a Comment
Your comment will be visible after approval