
මාර්තු 16 බ්‍රහස්පතින්දා නවසීලන්තයේ කර්මඩෙක් දූපත් කලාපයට රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) පවසයි.
භූමිකම්පාව කිලෝමීටර් 10 (සැතපුම් 6.21) ගැඹුරින් ඇස්තමේන්තු කර ඇති බව USGS වැඩිදුරටත් සඳහන් කළේය. භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පවසයි.
ඔස්ට්‍රේලියාවට සුනාමි තර්ජනයක් නොමැති බව එරට කාලගුණ විද්‍යා කාර්යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබේ.
මීට
පෙර මාර්තු 4 වන දින රික්ටර් මාපකයේ 6.9 ක භූමිකම්පාවක් එම කර්මඩෙක් දූපත්
කලාපයටම බලපෑ අතර භූමිකම්පා ගැඹුර කිලෝමීටර 152 (සැතපුම් 94) ගැඹුරින්
වාර්තා වූ බව USGS පවසා තිබුනි.
අනතුරු කිසිවක් මෙතෙක් වාර්තාවී නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval