
“නිරායුධ නිර්පාක්ෂික අරගලය - ජනතා විප්ලවයක් කරා” යන තේමාව යටතේ ඊයේ පැවති රැස්වීමට ප්‍රකට ප්‍රහසන රංගන ශිල්පී හේමන්ත ඊරියගම මහතා පැමිණ කතාවක් කළේය.
ඔහු මෙසේ පැවසීය.
"සමාජෙන්ම සමාව ඉල්ලන්නත් අවසරයි, 69 ලක්ෂේ එකෙක් වෙච්ච හින්දා. හරි දේට හරී කියනව වැරදි දේට වැරදී කියනව, ඒක තමයි මේ හේමන්තගේ ප්‍රතිපත්තිය.
අපි ගෙනාව එයාව අපි පන්නලා දැම්මා. හැබැයි ඊට පස්සෙ ගෙනාපු එක්කෙනාවත් පන්නන්න වෙන්නේ අපිටම තමයි. ඒක නුදුරු අනාගතේදීම සිද්ධ වෙනවා.
එයාම කියනවා ඡන්දයක් තියන්න ඡන්දයක් නෑ කියලා. ඒ වගේම තමයි ජනාධිපති කෙනෙක් හිටියට ජනවරමකුත් නෑ එයාට. ඒක්කෝ මේක චීනේ කොළනියක් වෙයි. අපේ දරුවන්,ට දරුවන්ගේ දරුවන්ට ඉන්න රටක් තියෙන්නෙ ඕනේ.
කලාව ඉදිරියට ගෙනයාමේ අර්බුදයක් අපිට තියෙනවා. නාට්‍යක් කෙරුවොත් නාට්‍යක් දාගන්න බෑ. අපේ රට බේරා ගැනීමේ අඩි තාලම දාගන්න ඕනේ. අපේ කේසර සිංහයෙක් ඉන්නවා. ඒ තමයි සරත් ෆොන්සේකා මහත්මයා.
මේ මගේ අවසන් දේශපාලනේ වෙන්න පුළුවන්. මම පොරොන්දු වෙනවා ජීවිත කාලෙකට ඡන්දයක් දාන්නෙත් නෑ ඡන්දයක් ඉල්ලන්නෙත් නෑ. මේ අවසන්ම ඡන්ද ව්‍යාපාරය."
Comments
Post a Comment
Your comment will be visible after approval