harry-news-paper-battle

බ්‍රිතාන්‍ය රජපවුලේ හැරී කුමරු  එරට Daily Mail සහ Associated Newspapers (ANL) ප්‍රකාශකයන්ට එරෙහිව පුද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇත. මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී හැරී පැවසුවේ දුරකථන ටැප් කිරීම ගැන තම පවුලේ අය දැන සිටි බවයි. එහෙත් උසාවි නඩුවෙන් බේරීමට ඔහු එය සඟවා ගත්තේය. හැරීට අනුව, මෙය තුළින් රජ මාලිගයේ පරිපාලනයේ වැරදි හෙළිදරව් වනු ඇත.
මේ දක්වා රහසක් වශයෙන් පැවති ඇතැම් කරුණු එළියට ඒම නිසා හැරී කුමරු පත්තරවලට විරුද්ධව ඇගිලි දිගු කිරීම දැන් පාරා වළල්ලක් බවට පත්ව ඇතැයි එරට විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


හැරී චෝදනා කළේ ඔහුගේම පවුලේ අය රහස්‍යතා කඩ කිරීම පිළිබඳ තොරතුරු වසන් කළ බවත් බ්‍රිතාන්‍ය පුවත්පත් වලට සම්බන්ධ නොවන ලෙස තමාට පැවසූ බවත්ය. පවුලේ තීරණය පිළිගන්නා ලෙස රාජකීය පවුල හැරී ඉදිරියේ කොන්දේසියක් තබා ඇති අතර හැරීට අනුව, ඔහු මේ බව දැනගත්තේ මීට වසර කිහිපයකට පෙර ඔහු මෙම නඩුවේ දෙවන නීති කණ්ඩායමට උපදෙස් දුන් විටය.
ඩේලි මේල්, ද මිරර් ඇතුළු මාධ්‍ය කණ්ඩායම් කිහිපයකට ඔහු නඩු පවරා ඇත
හැරී කුමරුට අමතරව, බ්‍රිතාන්‍ය-ජමෙයිකානු ප්‍රචාරක ඩොරීන් ලෝරන්ස්, පොප් ස්ටාර් එල්ටන් ජෝන්, නිළි එලිසබෙත් හර්ලි ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු ද පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කණ්ඩායම්වලට එරෙහිව නඩු පවරා ඇත.

මේවාට The Sun හි මව් සමාගම වන News Group Newspapers, The Mirror, Daily Mail, Associated Newspapers ඇතුළත් වේ. මෙම මාධ්‍ය ආයතනවලට 1993 සිට 2018 දක්වා කිහිප වතාවක්ම පෞද්ගලිකත්වයට අනවසරයෙන් ඇතුළුවීම, ක්‍රෙඩිට් කාඩ් විස්තර සහ වෛද්‍ය වාර්තා සොරකම් කිරීම සහ දුරකථන ටැප් කිරීම යන චෝදනා එල්ල වී තිබේ.

පුවත්පත් සමාගම් මෙම චෝදනා අභූත ලෙස බැහැර කළේය. සමාගම් ප්‍රකාශ කළේ තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ස්ථිර සාක්ෂි නොමැති බවයි.