
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැති දේශපාලන රැළියක් අමතා මෙසේ අදහස් දැක්වීය.
"මහින්දගේ දරුවෝ ජොබ් එකක් කරනවද?. තාත්තගේ ජොබ් එකට කෙලවෙන්න යනවා විතරක් නෙවෙයි පුතාගේ ජොබ් එකත් නැතිවෙනවා. ඒ නිසා අපි බලෙන් ගන්න ඕන එකක්. මේක සාමාන්‍ය එකක් නෙවෙයි. මේක අපේ රටේ පොදු ජනතාව අතර බලය මාරු වෙන සමාජ පරිවර්තනයක් සිද්ධවෙන්න යන්නේ.
බොහෝ දුරට මැයි මාසෙන් පස්සෙ දිනයක් දෙයි ඡන්දෙට. මාර්තු වල ඡන්දයක් නෑ. අප්‍රේල් වලත් නැති වෙයි. ඔක්කොම සෙල්ලම් ගැහුවත් උපරිම අවුරුද්දයි. අවුරුද්දක් යන්න මත්තෙන් අපි මේක වෙනස් කරනවා.
අපේ අම්ම තාත්තා ගෙදර මියැදෙනවා බෙහෙත් ටිකක් දෙන්න බැරුව. මඟුල් මුද්ද උගස් කඩේ, වතුර මෝටරෙ උගස් කඩේ, කරේ තිබ්බ චේන් එක උගස් කඩේ, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කාන්තාවෝ හුරගෙන කෑවා.
මේක සහතික වශයෙන් විජයග්‍රහණයෙන් කෙළවර වෙනවා කියලා මම සහතික වෙනවා."
Comments
Post a Comment
Your comment will be visible after approval