The-young-man-who-came-to-fix-the-CCTV-in-the-office-caught-the-video-of-the-bosss-behavior

සේවකයින්ගේ හා පාරිභෝගිකයින්ගේ හොර බොරු වංචා කොටුකර ගැනීම සඳහා එත්තරා ආයතනයක සවිකර තිබු සිසිටිවී කැමරාවකින් එහි හිමිකරුගේ අනග රැගුම් සියල්ල හෙළිදරව් වීමේ පුවතක්  වාර්තාවේ. සිද්ධිය මෙසේය. මෙය වෙළෙඳ ආයතනයකි. සැලකිය යුතු සේවක  පිරිසක්ද සේවය කළහ. සියල්ල එකම වහලක් යටින් මිලදී ගත හැකි නිසා දෛනිකව විශාල පාරිභෝගික පිරිසක්ද පැමිණියහ.

  මේ නිසාම වෙළෙඳසල තුළ සිදුවන විවිධ වංචා කොටුකරගන්නට සිතූ එහි හිමිකරු සියලු ස්ථානවලට සීසීටීවී කැමරා පද්ධති සවි කළේ ඒ සඳහා සැලකිය යුතු මුදලක්ද වැය කරමිනි.

නවීන  උපකරණ පිළිබඳ අවබෝධයක් නොවූ හිමිකරු එහි නඩත්තු කටයුතුද ආයතනයේම තරුණයකුට භාර කළේය.  පසුගිය දිනෙක කැමරා පද්ධතියේ කාර්මික දෝෂයක් හට ගත්තේය. වහාම ක්‍රියාත්මක වු හිමිකරු  ඒ ගැන සොයා බලන්නට භාර දුන්නේ පෙර කී තරුණයාටය. භාර දුන් වැඩේ පසුවට කල් තැබු හෙතෙම තවත් සේවකයකුද එක්ව එහි පටිගත වී තිබු දර්ශන එකින් එක නරඹන්නට වුයේ කිසියම් සිදුවීමක් ගැන ආයතනයේම තිබූ කසුකුසුවක් සැක හැර දැන ගැනීමටය.

ඒ අදාළ ආයතනයේම වෙළඳ සහායිකාවක හා හිමිකරු අතර ඇතැයි කියන පෙම් පලහිලව්වක් ගැනය.  හිටි හැටියේම කැමරාවේ දර්ශන නරඹමින් සිටී මිතුරන් දෙපළගේ ඇස් උඩ ගියේය. ඒ සීසීටීවී කැමරා පද්ධතියේ සටහන්ව තිබු ලොක්කාගේ අනියම් අනඟ රැඟුම් දකිද්දීය. එක් පසෙක ලොක්කාය. අනෙක් පස පෙරකී වෙළෙද සේවිකාවය.
එම වීඩියෝ කොටස වෙනම සුරක්ෂිත කරගත් සේවකයා ලොක්කාට හොරෙන් අන් අයට දකින්නට සලස්වා තිබූ අතර ගිනුම් පරීක්සාවට කියා සතියකට වරක් සවස ලොක්කාගේ කාමරයට පැමිණ පැයක් පමණ ගතකර පිටව යන සේවිකාවගේ රංගනයත් ලොක්කාගේ කැරැට්ටුවත් මේ නිසා එළිදරව් විය.