
Twitter Inc. එහි ඉන්දියානු කාර්යාල තුනෙන් දෙකක් වසා දමා එහි කාර්ය මණ්ඩලයට නිවසේ සිට වැඩ කරන ලෙස දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝකයේ වැඩිම ට්විටර් පරිශිලකයින් සිටින ඉන්දියාවේ මෙම වෙනස සිදු කරන්නේ වියදම් කපා හැරීමේ පියවරක් ලෙස බව ට්විටර් ප්‍රධානී එලොන් මස්ක් දන්වා තිබේ.
පසුගිය වසරේ අගභාගයේදී ඉන්දියාවේ දළ වශයෙන් 200කට අධික සිය කාර්ය මණ්ඩලයෙන් 90%කට වඩා ඉවත් කළ Twitter, නවදිල්ලියේ දේශපාලන මධ්‍යස්ථානයේ සහ මුම්බායි හි මූල්‍ය කේන්ද්‍රස්ථානයේ සිය කාර්යාල වසා දැමූ බව වාර්තාවේ.
සමාගම බොහෝ තාක්ෂනික බලගැන්වීමේ කටයුතුහා ඉංජිනේරුවන් සිටින බංගලාරු හි දකුණු තාක්‍ෂණ මධ්‍යස්ථානයේ කාර්යාලය පමණක් දිගටම ක්‍රියාත්මක කරයි.
බිලියනපති ප්‍රධාන විධායක නිලධාරී මස්ක් 2023 අග වන විට Twitter මූල්‍යමය වශයෙන් ස්ථාවර කර ගැනීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ලොව පුරා කාර්ය මණ්ඩලය ඉවත් කර කාර්යාල වසා දමා ඇත.
එහෙත් ඉන්දියාව ෆේස් බුක් හා ගූගල් වැනි ප්‍රධාන එක්සත් ජනපද තාක්ෂණික දැවැන්තයින් සඳහා ප්‍රධාන වර්ධන වෙළඳපොළක් ලෙස සැලකේ.
Comments
Post a Comment
Your comment will be visible after approval