
පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවැති දේශපාලන සභාවකදී මෙසේ පැවසීය.
"අපි ඉන්නෙ පැරෂුට් එකෙන් පනින්න චොපර් එකේ යන ගමන්. තාම අපි ඉන්නෙ චොපර් එකේ. බෝල් හයයි එක ලකුණයි කියන වෙලාවේ මාලිංග අතට බෝලේ ගත්තහම මාලිංගව අපේ පපුවට මහ දරුණු විදිහට දැනෙනවා.
අපිට ඔබව දැනෙන්නේ බෝල් හයයි එක ලකුණයි වෙලාවේ බෝලේ අතට ගත් මාලිංග වගේ.
ජේවීපීය වර්ධනයක් පේනවා ඒක බොරු කියලා කියන්නෙපා ඒක ඇත්ත. හැබැයි අපිට වැදගත් වෙන්නෙ උන්ගේ වර්ධනය අපිට තරඟයක්ද කියන තැන විතරයි. ජේවීපී ඡන්ද පදනම සීයට සීයකින් වැඩිවුණොත් හොරොව්තුඩුවේ ඡන්ද කීයද? 506යි. ඒ තරඟකාරයා ඉන්නේ ඔබ පරද්දන්න පුළුවන් තැනක නෙමෙයි. ඒකයි ඇත්ත.
මගේ වලල්ලාවිට සමස්ත එකතුව 18000යි. එක්සත් ජාතික පක්ෂය සජිත්ලා රනිල්ලා ඔක්කොම හිටපු ඡන්ද 9000යි. ජේවීපී කීයද 2000යි. මගේ වලල්ලාවිට අපේක්ෂකයෝ ජේවීපී කාරයොන්ට භය වෙන්න ඕනෙද? ඒක සීයයට තුන්සීයකින් වැඩි වුණත් වලල්ලා විටදී තරඟ කාරයෙක් නෙමෙයි ජේවීපීය. අපි ගත්ත කොටසෙන් කොටසක් අපිට අත ඇරෙනවා ඔබ බුදු වෙලා මේ වෙලාවේ ඡන්දෙ ඉල්ලන්න ආවත්."
Comments
Post a Comment
Your comment will be visible after approval