
ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකා වෙන්දේසිය ඊයේ (13දා) ඉන්දියාවේ මුම්බායිහිදී ඇරඹුණු අතර, කිසිදු කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිසිවෙකු මිලදී ගැනීමට ඉදිරිපත්ව නොතිබීම සුවිශේෂීය.
මෙම ක්‍රීඩිකා වෙන්දේසියේ පළමු අදියරේ මිලදී ගැනීම් සඳහා ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනී සහ ඉනෝකා රණවීර යන ක්‍රීඩිකාවන් ඉන්දීය රුපියල් ලක්ෂ 30ක මූලික ලංසුවකට ඉදිරිපත්ව සිටි අතර, කිසිදු කණ්ඩායමක් ඔවුන් මිලදී ගැනීමට පියවර ගෙන නොතිබිණි.
මේ අතර, මෙම ක්‍රීඩිකා වෙන්දේසියේ වැඩිම ලංසුව ඉදිරිපත්ව තිබුණේ ඉන්දියාවේ ස්මිත්‍රි මන්දනාටය. ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික ලංසුවකට ඉදිරිපත්ව සිටි ඇය මිලදීගැනීම සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 3.4ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් 415,000ක පමණ මුදලක් ඉහළම ලංසුව ලෙස ඉදිරිපත් කිරීම වඩාත් කතාබහට ලක්වූ සිද්ධියකි.
පැතූම් ශ්‍රී විජේරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval