
දේශපාලන රැලියක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.
"අද මේ රටේ පරම්පරා 4ක් විතර යනකොට වළව්වල ශ්‍රී විභූතිය විනාශ වෙලා තියෙන්නෙ. මොකද මේවා නඩත්තු කරන්න බෑ. වළව් ගරා වැටිලා. වහලේ ඉන්නවා වවුල්ලෝ එල්ලිලා. පරාලවලට ගුල්ලෝ ගහලා. ලංකාවට වෙලා තියෙන්නෙත් ඒක තමයි.
ශ්‍රී විභූතියෙන් වැජඹුනු රටක් අද කඩා වැටිච්ච වලව්වක තත්වෙකට පත් වෙලා තියෙනවා.
මගේ ආසනේ එහා පැත්තේ ඔබේසේකර වළව්ව කියලා. ඒ වළව්වේ ඉන්නේ හිටපු මන්ත්‍රී කෙනෙක්ගේ වැන්ඳඹු බිරිඳ පමණයි. එතුමියටත් අවුරුදු අසූ ගාණක්. ෂර්ට් නැති කොල්ලෝ තුන්දෙනෙක් ඉන්නව වැඩ කරන්න. ලංකාවට අද ඇතිවෙලා තියෙන්නෙ මෙන්න මේ තත්වය. මේ වළව්ව නැවතත් ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. තමුන්නාන්සේලා මේකට පෙළ හැදෙන්න."
Comments
Post a Comment
Your comment will be visible after approval