
නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේ පැවසීය.
"ඓතිහාසික සිදුවීමක් සිද්ධ වුණා ගිය අවුරුද්දේ ජූලී මාසෙදී. අපි ආදරේ කරපු අපි ගොඬනඟපු බල වේගය අලියගේ කකුළ් දෙක ළඟ තියලා ආවා. අපිට එතන රැඳී සිටින්න කිසිම හැකියාවක් තිබුණේ නෑ. ඒක නිසා තමයි අපි ඩලස් අලහප්පෙරුම මැතිතුමාව රටේ ජනාධිපතිතුමා විදිහට පාර්ලිමේන්තුවෙදී යෝජනා කරලා නව දේශපාලන බල වේගයක් සඳහා අවශ්‍ය පිඹුරු පත් සකස් කළේ.
කොහොමද පොහොට්ටුවට? කැන්වසින් යන්න පුළුවන්ද? ඒ වගේම එක්සත් ජාතික පක්ෂෙ ගැන කතා කරන්න දෙයක් නෑ. අනුරාධපුර දිස්ත්‍රික්කේ ගත්තොත් කණ්ඩායම් තුනයි.
එක කොළයක් අච්චු ගහන්න විතරක් යනවා රුපියල් සීයක්. ඒ වියදම් කරන විදිහටනම් අපිට වියදම් කරන්න බෑ. අද ගියර් එක දාගන්න සෙකන්ඩ් එකට. තව දවස් දහයයි තියෙන්නේ තැපැල් ඡන්දෙට.
අත්වල ලේ ගෑවිච්ච මිනිස්සු මේකෙ නෑ. අවංක නිර්මල මිනිස්සු ඉන්න පක්ෂයක්. විදේශ වලින් හසුරුවන දේශපාලන බලවේග මේකේ නෑ. කිසිම ප්‍රාදේශීය සභාවක් නිදහස් සන්ධානේ නැතිව හදන්නෙ නෑ කියන පණිවිඩේ අපි දෙනවා. කවුරු මොනවා කිව්වත් හෙලිකොප්ටරේ මන්ත්‍රීවරු නැතිව එක සභාවක් හදන්න වෙන්නෑ.
අනුරාධපුර දිස්ත්‍රික්කේ 53% ක් ඡන්දෙ දෙන්න තීරණය කරලා නෑ. තීරණය කරපු 47න් 7%ත් 8% ප්‍රමාණයක් කියනවා ඔය කාටවත් දීලා වැඩක් නෑ කියන එක"
Comments
Post a Comment
Your comment will be visible after approval