
13 වන සංශෝධනය සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේ රාජාසන කථාවක් පැවැත්වූ ජනපතිවරයාගේ යෝජනාව ගැන අදහස් දැක්වීමක් කළ ද්‍රවිඩ දේශපාලනඥ පාර්ලිමේන්තු මන්ත්‍රී සී විග්නේශ්වරන් මෙසේ කීය.
‘13 වන සංශෝධනය දැනට හොඳයි. ඒත් ඒක ද්‍රවිඩ ජනතාවට නියම සාධාරණ විසඳුමක් දෙනව කියල මං හිතන් නැහැ.මොකද ඒකීය රාජ්‍යයක් තුළ හැම දේම මධ්‍යම ආණ්ඩුවෙන් ඉටුකරගන්න වෙනවා. හිටපු මහඇමතිවරයෙක් විදිහට මං දන්නවා ඒකෙ අමාරුව. ඒ නිසා මං කියන්නේ මේක නෙමේ විසඳුම ඒත් දැනට හොඳයි.ජනාධිපති අද කතාවේදී පළාත් සභා පිහිටුුවීම ගැන මුකුත් කිව්වෙ නැහැ. ඒ නිසා ඒ ගැන තව තොරතුරු උවමනායි.
මේකට විරුද්ධව හාමුදුරුවරු කරන උද්ඝෝෂණ ගැන ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ. බණ්ඩාරනායක කාලෙත් හාමුදුරුවරු තමා ද්‍රවිඩයන්ට සාධාරණ විසඳුමක් ගෙනාවාම විරුද්ධ වුනේ.‘
Comments
Post a Comment
Your comment will be visible after approval