
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වූහ.
"13 ව්‍යවස්ථාව ගෙනල්ලා රට බෙදන්න එපා කියලා මාධ්‍ය තුළින් රජය දැනුවත් කිරීමේදී කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් මා සමඟ ඒකා බද්ධ වෙලා මේකට සහයෝගය දුන්නෙ නෑ. අද ඩයස්පෝරාවට ඕනෑ විදිහට මේ මහා සංඝරත්නය හසුවරුවනවා.
මහා සංඝරත්නය ආවේ දේශපාලන පක්ෂවලින් ඩීල් දාපු අය. මේ මහා සංඝරත්නය විනාශ කරන්න ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියාකරනවා. අසරණ ස්වාමීන් වහන්සේලා නොදන්නාකමින් ඇවිල්ලා උන්වහන්සේලත් නොයෙකුත් විදිහට හිංසා පීඩාවලට ලක්වුණා. දවල් දානේ වේලවත් උන්වහන්සේලාගේ බැලුවද?
ඇයි ජනතාව වෙනුවෙන් කතා කරන්න බැරි, 13 වෙනි ව්‍යවස්ථාව ගැන කතා කරනවා මිනිස්සු නොමඟ යවන්න. මහා සංඝරත්නය කොළඹට වැඩම්මුවේ සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් මේගොල්ලන් තුළ තියෙනවා. දේශපාලන කුමන්ත්‍රණවලට යන්න එපා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි මම නම් දන්නව ඔබ 13 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්නෙ නෑ කියලා. ඒක සීයට සීයක් විශ්වාසයි. නමුත් ඔබතුමාගේ . මේ 13 වැනි සංශෝධනය ඕනේ උතුරු පළාතේ නැගෙනහිර පළාතේ ප්‍රාන්ත මැතිවරණෙට ඉල්ලන ඇතැම් දේශපාලන පක්ෂ නියෝජනය කරන සුමන්දිරන් සහ රවුෆ් හකීම්ලා වැනි අයට."
Comments
Post a Comment
Your comment will be visible after approval