anura-kumara-speaks

ඡන්දය නොපවත්වා සිටීමට හේතු කෘත්‍රිමව නිර්මාණය කරන්නට අවශ්‍ය පදනම සකසා ගැනීමට සිදු කළ යුතු දේවල් දක්වමින්


 ජනපති ලේකම් කාර්යාලයේ දෙසැම්බර් අග පැවති සාකච්ඡාවක තිබුණ පත්‍රිකා දෙකක් තමාට හමුවූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද පැවති රැස්වීමකදී අනාවරණය කළේය.
එහි සටහන් වන යෝජනා ඔහු දැක්වූයේ මෙසේය.

තෙල් නැව් එකක්දෙකක් හිර කරමු - පොලිමක් දෙකක් හදමු
පැන්ෂන් එක දවසක් දෙකක් රස්තියාදු කරමු
රාජ්‍ය සේවක වැටුප් ගෙවිය නොහැකි බවට දන්වමු
රෝහල්වල බෙහෙත් හිඟයක් කරමු - සැත්කම් නවතමු

මෙම හේතු ජනතාවට පෙන්වා ඡන්දයක්තියන්නටවත් රජයට සල්ලි නැති බව පෙන්නුම් කරන තැනට මනස සකසන්නට උත්සාහයක නිරතවූ බව ඔහු හෙලිකළේය.