
බ්‍රිතාන්‍යයේ ඥාතීත්වයෙන් මස්සිනාලා වන දෙදෙනෙකු ගිනස් ලෝක වාර්තාවල සම හිමිකරුවන් වීමට සමත්ව තිබේ. ඔවුන් සැතපුම් 32 ක දුරක් ටොන් 1.65 ක වෑන් රථ දෙකක් ඇදගෙන ගිය බව වාර්තාවේ.
36 හැවිරිදි ජේම්ස් බේකර් සහ 32 හැවිරිදි ජෝන් ඩාර්වන් යෝක්ෂයර් හි එල්වින්ග්ටන් ගුවන් තොටුපළේදී සිය දස්කම් කරඇත.
ඔවුන් දෙදෙනාම නිශ්චිතවම සැතපුම් 32 ක් දුරකින් ගමන් නවත්වා ඇති අතර පැය 24 ඇතුළත වාහනයක් වැඩිමදුරක් ඇදගෙන යාම සඳහා වන ගිනස් ලෝක වාර්තාවේ සම හිමිකරුවන් බවට පත්විය.
වසර 14කට පෙර ලියුකේමියා රෝගයට ගොදුරු වූ ඩාර්වෙන් පුණ්‍ය කටයුතු සඳහා මුදල් රැස් කිරීම සඳහා සෑම වසරකම මෙවැනි අභියෝග සම්පූර්ණ කිරීමට ඔවුන් පෙලඹුනු බව එම මස්සිනාවරු පවසා තිබෙයි. ඔවුන් මෙම ලෝක වාර්තාවේ අභියෝගය භාර ගැනීමට පෙර අර්ධ-මැරතන් සහ මැරතන් ධාවනයන්ද සිදු කර වාර්තා තබන්නට උත්සාහ කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval