
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුව සඳහා ජනාධිපති ලේකම් කාර්‍යාලයට පැමිණ ඉන් පිටත් වෙන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වීය. ඒ මහතා මෙසේ පැවසීය.
"දහ තුන ක්‍රියාත්මක කරන්න එක එක්කෙනාගේ යෝජනා ගත්තා. ඒ නිසා මං හිතන්නෙ වැඩිකල් යන්න කලින් මොකක් හරි ක්‍රියාත්මක වෙයි. සාකච්ඡාවේ ඵලදායිතාවයක් තියෙනවා. සමහර අය ඉන්නවා මේකට අකුල් හෙලන අය. නමුත් රට ගැන හිතලා ආර්ථිකය ගැන හිතලා කතා කෙරුවොත් මං හිතන්නෙ ඵලදායිතාවයක් තියෙන බවයි, මට පෙනෙන්නේ. "
මාධ්‍යවේදියෙකු ජාතික ප්‍රශ්නය විසඳීම සම්බන්ධව නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මහතා මෙසේ කියා සිටියේය.
"ජාතික ප්‍රශ්නය විසඳන්න ඉස්සෙල්ල මේක ක්‍රියාත්මක කරන්න ඕන."
Comments
Post a Comment
Your comment will be visible after approval