
නිව්පෝර්ට්නිව්ස් හි රිච්නෙක් ප්‍රාථමික පාසලේ පළමු ශ්‍රේණියේ පන්ති කාමරයක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් වෙනත් සිසුන් කිසිවකුට තුවාල සිදුවී නොමැති බව පොලිසිය සහ පාසල් බලධාරීහු පවසති.සවස 2 ට පමණ පාසල තුළ වෙඩි තැබීම වාර්තා විය. තුවාල සිදුවූ 30 හැවිරිදි වියේ පසුවන ගුරුවරියව ප්‍රාදේශීය රෝහලකට යොමු කර ඇත. සිසුවා අත්අඩංගුවට පත්ව ඇත.
පාසල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "සියලුම සිසුන් ආරක්ෂිත" බවයි.
ABC ප්‍රවෘත්ති මේ ගැන වාර්තාවක් පළ කරමින් පවසන්නේ මෙම සිද්ධියට යොදාගත් තුවක්කුව සිසුවා ලබාගත්තේ කෙසේදැයි නිලධාරීන් සොයා බලන බවයි. මෙම සිද්ධිය "අහම්බෙන් සිදුවූ වෙඩි තැබීමක් නොවන" බවත්, පන්තිකාමර පරිසරයෙන් ඔබ්බට ශිෂ්‍යයා සහ ගුරුවරයා එකිනෙකා හඳුනන බවක් නොපෙනෙන බවත් වාර්තා කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval