
සමඟි ජන බල වේගය පැවැත්වූ දේශපාලන රැළියක් අමතමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුවට කිසිදු සැළසුමක් නැති බවයි. ඔහු කියා සිටියේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ පිලිබඳව කිසිදු තැකීමක් නොමැති බවය. ඔහු මෙසේ පැවසීය.
"අපි දැක්කා කළින් හිටපු ජනාධිපතියත් දඩ ගහලා මේ කාලෙ කැටයක් අරගෙන ඌ පිටකොටුවේ හිඟා කනවා. පාස්කු ප්‍රහාරය මෙල්ල කරෙත් නෑ, පාස්කු ප්‍රහාරය වරදකාරයෝ ඇල්ලුවෙත් නෑ. අපේ රජයක් ආවම අපි අනිවාර්‍යයෙන්ම පාස්කුවේ මහ මොළ කාරයන්ව අල්ලනවා. අපි මුස්ලිම් ප්‍රජාවට සාධාරණය ඉෂ්ඨ කරනවා. කතෝලික ප්‍රජාවට සාධාරණය ඉෂ්ඨ කරනවා. මට කතා කරනකොට මට හෘදය සාක්ෂියට විරුද්ධව කතා කරන්න බෑ. මගේ අවුරුදු දහතුනක හෘදය සාක්ෂිය තමයි, මේ රට නිදහස් ලැබුණු දවසේ ඉඳලා ඉදිරියට ගියේ නෑ කියන එක. මේ රටේ ආර්ථිකය හැමදාම කඩන් වැටුනා. අද ඩොලර් එක කළු කඩේ රුපියල් හාරසීයයි. බැංකුවෙ රුපියල් තුන්සීය හැත්තෑ පහයි. "
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ දේශපාලකයින් ගෙන් සියයට පනහක් දූෂිත බවත් පරිණත භාවයක් නොමැති, දැක්මක් නොමැති, කැපවීමක් නොමැති කෙනෙකුට රට භාර නොදෙන ලෙසත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval