
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්වපාක්ෂික හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (26) පැවැත් වේ. මේ සර්වපාක්ෂික හමුවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරයට පත්වීමෙන් පසු 2022 දෙසැම්බර් 13 දින කැඳවන ලද පක්ෂ නායක හමුවේදී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති අතර ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවක් ඇති කර ගැනීමටද නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval