
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක් අද (10) පැවැත්වේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි.
මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමත්, පොදු ලකුණක් යටතේ තරග කිරීම ඇතුළු කරුණු පිළිබඳව පොදු එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇති බව සඳහන් ය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ, අද පැවැත්වෙන සාකච්ජාව සඳහා තමන් සමග නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහභාගී වන බවයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් අද පැවැත්වෙන සාකච්ජාව සඳහා පක්ෂ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ සංජිව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන් සහභාගිවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පසුගිය ඉරිදා ද සාකච්ජාවක් පැවැත්විය.
Comments
Post a Comment
Your comment will be visible after approval