
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට දෝෂාරෝපනය කරමින් අරගලයේ නියමුවෝ සංවිධානයේ සාමාජිකාවක මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස පැවසුවාය.
"අපේ මැක්කා කියලා අපේ සහෝදරයෙක් සී අයි ඩී එකෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා, අත්අඩංගුවට ගත්තෙ පුත්තලමේ බූරුවා 'සනත් නිශාන්ත' කියපු හින්දලු. සනත් නිශාන්ත කියන එකා මොකෙක්ද අපිට. සනත් නිශාන්තට අපි බය වෙන්නෙත් නෑ. සනත් නිශාන්ත හැම වෙලේම කුමන්ත්‍රණය කරන්නෙ අපේ අරගලකරුවන් ඇතුළට දාන්න. මීට කළිනුත් සනත් නිශාන්ත අධිකරණයට අපහාස කළා. අද වෙනකම් සනත් නිශානත එළියේ ඉන්නෙ."
රාජපක්ෂ හොර පරම්පරාව මේ රට විනාශ කර ඇති බව ඇය වැඩි දුරටත් පැවසුවාය. ඇය කියා සිටියේ කිසිවෙකු රැල්ලට ඡන්දය නොදෙන ලෙසත්, ප්‍රසිද්ධ පක්ෂ සදහා ඡන්දය ලබා නොදෙන ලෙසත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval