
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ කීය.
“රක්ෂණ සංස්ථාව අදට වුණත් පවතින්නේ පෞද්ගලික අංශයත් එක්ක ඒකාබද්ධව කරගෙන ගිය නිසා. මේක විදේශීය ආයෝජකයින්ටම දෙනවා කියලා එකක් නෑ. නමුත් තියෙන කොටහ පෞද්ගලීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක විතරයි ඒකෙ සඳහන් කරන්නේ. ඒකෙන් නරකක් වෙන්නෙ නෑ. පාඩු ලබන ආයතන විතරක් කවුද ගන්නේ ? ඩොලර් බිලියන තුනක් හතරක් අපට සංචිත හැටියට තියාගන්න වෙනවා භාණ්ඩාගාරයේ. ඉතින් මේක ගන්න හදිසියේ වෙන ක්‍රමයක් නෑ”
Comments
Post a Comment
Your comment will be visible after approval