janvi-kapoor-mili

බොලිවුඩ් ලෝකයේ ඉහළින්ම වැජඹූන ශ්‍රී දේවිගේ 25 හැවිරිදි දියණිය ජාන්වී කපූර් මේ වනවිට රංගනයට පිවිස සිටින අතර ඉමහත් බලාපොරොත්තු සහිතව ඇය රඟපෑ ‘මිලි‘ චිත්‍රපටය අසාර්ථක වීමේ ලක්ෂණ පහළ කර ඇතැයි බොලිවුඩ් ආරංචි වාර්තාකර තිබේ.


පසුගිය 4 වනදා තිරගතවීම ඇරඹූ මිලි චිත්‍රපටය ජාන්වි කපූර්ගේ සිනමා ගමන වෙනස් කරනු ඇති බවට අනාවැකි පළ කරන ලද නමුත් මිලි චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි පාඩු සහිත ආරම්භයක් ලබා ගත්තේය.
සිනමා ශාලා වලට ප්‍රමාණවත් පිරිස් නොපැමිණි බවත් ජාන්වී ගැන විශාල උනන්දුවක් රසිකයින්ට නැති බවත් වාර්තා කර තිබේ.
මෙම චිත්‍රපටය Katrina Kaif ගේ Phone Bhoot සහ Sonakshi Sinha Huma Qureshi ගේ Double XL සමඟ එකවර ඉදිරිපත් කර තරඟ කාරී ලෙස තිරගතවීමද එයට හේතුවක් විය.
 කෙසේ වෙතත්, චිත්‍රපට තුන සැලකීමේදී වඩාත් පහළ ප්‍රතිචාර ලැබුනේ මිලී වෙතයි. නොවැම්බර් 5 වැනි දින බොක්ස් ඔෆිස් අසල මිලී  කොතැනකවත් නැතැයි බොලිවුඩ් ආරංචි හෙළි කරයි.
ජාන්වී මින් ඉහත චිත්‍රපට 4 ක පමණ රගපා ඇති අතර ඇගේ මවගේ හදිසි මරණය සමග වැඩිපුර කථාබහට ලක්වන නිළියක බවට පත්විය.