
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සියලු ආකාර ක්‍රිකට් තරගවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළේය.ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට ගුණතිලක මහතා අත්අඩංගුවට ගෙන ඇති බව සැලවීමත් සමඟ එම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
ධනුෂ්ක විසින් සිදු කරන ලදැයි කියන වරද සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා අතර, ඉහත සඳහන් කළ ඕස්ට්‍රේලියාවේ උසාවියේ නඩුව අවසන් වූ පසු, එම ක්‍රීඩකයා වරදකරු වුවහොත් ඔහුට දඬුවම් කිරීමට පියවර ගන්නා බව ද එම නිවේදනයේ සඳහන් වේ.
නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval