
බ්‍රිතාන්‍යයේ අලුතින් තනතුරට පත් තුන්වෙනි චාල්ස් රජුට සහ කැමිලා බිසවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමක් වාර්තාවේ.
යෝර්ක් නගරයේ පැවැති සම්ප්‍රදායික උත්සවයක් සඳහා සහභාගී වීමට චාල්ස් රජු සහ කැමිලා බිසව පැමිණි අවස්ථාවේ මෙම බිත්තර ප්‍රහාරය එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ මෙම සිදුවීමට සම්බන්ධ 23 හැවිරිදි තරුණයා අඩංගුවට ගෙන ඇති බව යි.
සැරිසරන වීඩියෝවේ බිත්තර හතරක් චාල්ස් රජුගේ සහ කැමිලා බිසවගේ හිසට ඉහළින් ගොස් බිම පතිත වන ආකාරය දැක්වේ.
මෙම විරෝධයට හේතුව ලෙස ඇතැමුන් සඳහන් කර ඇත්තේ මේ දිනවල ජනප්‍රියවී තිබෙන නෙට්ෆ්ලික්ස් චිත්‍රපට කතා මාලාවක් වන ‘ද ක්‍රවුන්‘ හි චාල්ස් ඩයනා අතර පැවති විරසකය නැවත මතක් කරදීම නිසා ජනතාවට රජු කෙරෙහි වෛරයක් මතුකර ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval