mahathir-mohamad-ex-malaysia-pm-loses-seat

නැවත බලය ඉල්ලූ හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ්ට ඔහුගේ පාර්ලිමේන්තු අසුනත් අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සෙනසුරාදා පැවති මහ මැතිවරණයෙන් මැලේසියාවේ වයඹ දෙසින් පිහිටි නිවාඩු නිකේතනයක් වන ලන්කාවි ආසනයේ ඔහුට ලැබුනේ ඡන්ද 4,566ක් හෙවත් සියයට 6.8ක් පමණි. ඡන්ද 25,463ක් හෙවත් ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 38.1ක් ලබා ගනිමින් පීඑන් වෙතින් ඩැටුක් සුහයිමි අබ්දුල්ලා ජයග්‍රහණය කළේය.

හිටපු විශිෂ්ට අගමැතිවරයා මෙහිදී 4 වැනියා වූවාසේම අපේක්ෂකයෙකු ලෙස ඔහුගේ ඇප මුදලද අහිමි විය.
 ආසියාවේ නම තැබූ දේශපාලනඥයාගේ වෘත්තීය ජීවිතය අවසන් කිරීමට මෙම ප්‍රතිඵලය හේතුවිය හැකි බව අල්ජසීරා වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් මින් පෙර 2018 පැවති පැවති ඡන්ද විමසීමේදී මෙම ආසනයම ඔහු විශාල බහුතරයකින් ජයග්‍රහණය කර තිබුණි.
මෙවර ඔහුගේ පක්ෂයට එක ආසනයක්වත් දිනාගන්න බැරිව යාම විමතියට කාරණාවක් ලෙස වාර්තාවේ.

97 හැවිරිදි මහතීර් මොහොමඩ් අඩ සියවසකට වැඩි කාලයකදී ලැබූ පළමු මැතිවරණ පරාජය එය විය. ඔහු 1981 සිට 2003 දී විශ්‍රාම යන බව ප්‍රකාශ කරන තෙක් වසර 22 ක් මැලේසියාවේ අගමැති විය.

රාජ්‍ය අරමුදල් ඩොලර් බිලියන ගණනක් වංචා කර ඇති බවට අපකීර්තිය දිග හැරෙන විට ඔහු නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය.

2018දී  අන්වර් ඊබ්‍රාහිම් සමඟ එකතු වී එවකට පාලක බරිසාන් ජාතික (බීඑන්) සභාගය පරාජය කිරීමට වැඩ කළ අතර ඒ කාලයේ ඔහුගේ වයස 93 කි.
වයසින් පෙනෙන ලෙස මන්දගාමී වූ නමුත් තවමත් නිරෝගී පෙනුමක් ඇති මහතීර් මෙවර දිව ගියේ ඔහුගේම Pejuang පක්ෂයේ ධජය යටතේ වන අතර, ඔහු විශ්‍රාම ගත යුතු  නොවේදැයි වාර්තාකරුවන් අසද්දී සිනාසෙමින්, මැතිවරණයට පෙර වාර්තාකරුවන්ට පැවසුවේ තමාට ජයග්‍රහණය කිරීමට “හොඳ අවස්ථාවක්” ඇති බවයි.
මෙම අන්ත පරාජයෙන් පසු මහතීර් මොහොමඩ් ප්‍රකාශයක් ලබාදී නැත.

(අල්ජසීරා ඇසුරිනි - Gossiplankanews.com)