
අස්ථි රෝග විනාශ කාරී බවත් ඒ ගැන වයෝවෘද්ධ සියල්ලන් පරීක්‍ෂා කාරී වන ලෙසත් වැඩිමහල්ලාගෙන් ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍ය කැමිලා බිසව ප්‍රසිද්ධි අවස්ථාවකදී මතක් කළාය.
එහිදී තමාගේ මව සහ ආච්චි ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් මිය ගිය බව හෙළිකරන ඇය
"කලාතුරකින් රෝග විනිශ්චය කරන ලද" සහ "කලාතුරකින් සාකච්ඡා කරන" කාලයකදී ඇගේ ඥාතීන්ට මෙම තත්වය දැනගන්නාවිට ප්‍රමාද වැඩි වූ බව පැවසුවාය.
2019 දී ඇය විසින් ආරම්භ කරන ලද රාජකීය ඔස්ටියෝපොරෝසිස් සංගමය (ROS) ඔස්සේ ඇය මෙම ආයාචනය ඉදිරිපත් කළේ සහභාගීවන්නන්ට මෙම තත්වය වර්ධනය වීමට ඇති ඉඩකඩ පෙන්වමිනි.
එක්සත් රාජධානියේ මිලියන 3.5 කට පමණ ඔස්ටියෝපොරෝසිස් අස්ථි දුර්වල රෝගයෙන් පීඩා විඳී.
දියවැඩියා සහ පෙනහළු පිළිකා හේතුවෙන් ජීවිත අහිමි වන තරමටම වාර්ෂිකව අස්ථි බිඳීම් ආශ්‍රිත ගැටළු වලින් බොහෝ දෙනෙක් මිය ගියද, ROS සමීක්ෂණයට ලක් කරන ලද වැඩිහිටියන්ගෙන් තුනෙන් දෙකක් කියා සිටියේ ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ අස්ථි සෞඛ්‍යය ගැන නොසිතූ බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval