
විස්සයි20 ලෝකකුසලානය යටතේ ඕස්ට්‍රෙලියාවේදී ඊයේ පැවති තරගයෙන් පකිස්තානය පරදා ඉන්දියාව ජයගත්තේය.
අද (24) පැවති තරගයකින් නෙදර්ලන්තය පරදා බංග්ලාදේශය ජයගත්තේය.
ඉන්දියාව හා පකිස්තානය අතර උණුසුම් මුහුණවරකින් පැවති තරගයේදී පකිස්තානය ලබාගත් ලකුණු 159 හඹාගිය ඉන්දියාව අවසාන පන්දුවේදී 160 ක් ලබාගෙන ජයගැනීම විශේසිතය.
මෙහිදී විරාත් කෝලි පන්දු 53 කින් ලකුණු 82 ක් ලබාගත් අතර එය ජයග්‍රහණයට පදනම් විය. හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් එම ඉනිමට ඇතුළත් විය
අද දින බංග්ලාදේශ කන්ඩායම ලබාගත් 144 හඹා ගිය නෙදර්ලන්ත කන්ඩායම 135 කදී දැවී ගිය අතර බංග්ලාදේශයට ජය හිමිවිය. නෙදර්ලන්ත පිලේ කොලින් අකර්මන් ලකුණු 62 ක් ලබාගත්තත් උත්සාහය සාර්ථක නොවීය.
ලකුණු සටහන් පහතින්



Comments
Post a Comment
Your comment will be visible after approval