
එළඹෙන පාපන්දු ලෝක කුසලානයේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු වන කටාර් ජාතික බැංකුව (QNB) විසින් ඔවුන්ගේ නිල ලෝක කුසලාන සන්නාම තානාපති ලෙස සෙනගාල ටික්ටොක් තරුවක් වන කබී ලාමේ පත් කර තිබේ.
22 හැවිරිදි ලාමේ මේ වන විට ඉතාලියේ පදිංචිය ලබාගෙන ඇති අතර, ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වීම ඇත්තේ ටික්ටොක් හරහා ඉදිරිපත් කරන විකට උපහාසාත්මක රංගනයන් නිසාවෙනි. මේ වන විට ඔහුට ටික්ටොක් අනුගාමිකයන් මිලියන 150කට අධික සංඛ්‍යාවක්ද, ඉන්ස්ටග්‍රෑම් හරහා අනුගාමිකයන් මිලියන 80කට අධික සංඛ්‍යාවක්ද ගොඩනැගී ඇත. ලාමේ, මෙම වසරේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සහිත ටික්ටොක් තාරකාව ලෙසින්ද නම් කර තිබේ. කටාර්හි විශාලම බැංකුව වන කටාර් ජාතික බැංකුව, මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ විශාලතම මූල්‍ය සමාගමද වේ. මෙම වසරේ (2022) එහි වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 300 (රු. ට්‍රිලියන 110ක් )ඉක්මවයි.
(ඕෂිත වරකපිටිය)
Comments
Post a Comment
Your comment will be visible after approval