
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද්විත්ව පුරවැසියෙකු ලෙස නොව ශ්‍රී ලාංකික පුරවැසිකම අතහැර බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබාගත් තැනැත්තියක ලෙස හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මංපිල පෙන්වා දෙයි.
21 වන සංශෝධනය ප්‍රකාරව ඇයට පාර්ලිමේන්තු වරම අහිමිවීයාම ගැන අදහස් දක්වමින් ගම්මංපිල පෙන්වා දෙන්නේ, ද්විත්ව පුරවැසිභාවයක් ඩයනාට නැති අතරම ඇයට ශ්‍රී ලාංකික පුරවැසිකමද නැති බැවින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත්වීම ප්‍රශ්නකාරී බවයි.
මින් ඉහත ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධූරය අහිමිවූනේ 19 වන සංශෝධනය ප්‍රකාරව ද්විත්ව පුරවැසියන් ඉවත් කිරීමේදීය.
ගීතා පාර්ලිමේන්තුවට ඇතුළත්වූ ලේඛනයේ ඇසූ ප්‍රශ්න වලට තමා ද්විත්ව පුරවැසියෙක්ද යන්නට ‘ඔව්‘ යනුවෙන් පිළිතුරු සපයා ඇති නිසා එලෙස නීතියෙන් ඉවත්වන්නට සිදුවූ බවත් ඩයනා ගමගේ දැනට බ්‍රිතාන්‍ය පුරවැසියෙකු නිසා එම පැනයට ‘නැත ‘යයි දන්වා ඇති බව ගම්මංපිල පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඇය බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබාගැනීම මේ වනවිට එරට ලේඛන අනුව තහවුරුකරගෙන ඇතැයිද ඇය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත් වේලාවේ සිට ශ්‍රී ලාංකික පුරවැසිකම ඉබේම අහෝසි වන බවත් ඇයට ද්විත්ව පුරවැසිකමක් අවශ්‍ය නම් එය වෙනම නැවත ඉල්ලුම්කර ලබාගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි. ඩයනා එලෙස ඉල්ලා නැති අතර ඇය ශ්‍රී ලාංකික පුරවැසිකම අහෝසිවී තිබියදීත් ඇගේ පැරණි ශ්‍රීලංකා ගමන් බලපත්‍ර හා හැඳුනුම් පත් භාවිත කරමින් මේ දක්වා කටයුතු කරමින් සිටින බව ගම්මංපිල මහතා අනාවරණය කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval