ukrainian-officials-say-some-mass-burial-victims-were-tortured

රුසියාව හා යුක්රේනය යුද්ධය අතරතුර මෑතකදී රුසියානු හමුදා විසින් නැවත අත්පත් කරගත් Izyum අසල පිහිටි ස්ථානයක යුක්රේනයේ සොයාගත් විශාලතම සමූහ මිනීවල හමුව තිබේ.
මිනීවල හමුවීමෙන් පසු සිකුරාදා සිරුරු ගොඩගැනීම් ආරම්භ වී පැය කිහිපයකට පසු බෙදාගත් වීඩියෝවක යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ එම ස්ථානයේ දේහයන් 440 කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවයි.
සෝදිසි කළ විමර්ශකයින් පවසන්නේ මියගිය අයගෙන් සමහරක් වධ හිංසාවලට ලක් වූ බවට සාක්ෂි සොයාගෙන ඇති බවයි. ඔවුන්ගේ සිරුරු කැඩී ගිය අතපය සහ බෙල්ලේ ලණු ද ඇතුළු ලක්ෂණ හඳුනාගත් බව පවසයි.


Izyumහි  Pishchanske නමැති මෙම භූමිය සුසාන භූමියක් ලෙස පවත්වාගෙන ගිය එකක් වන අතර ඒ අසල වළවල් වල සිය ගණනක් සිවිල් වැඩිහිටියන් සහ ළමුන් මෙන්ම සොල්දාදුවන් “වධහිංසාවට ලක්කර, වෙඩි තබා, ෂෙල් ප්‍රහාරවලින් ම්ලේච්ඡ ලෙස මරා දමා ඇති” බව සොයාගෙන ඇතැයි ජනපතිවරයා  පැවසීය.
සොහොන් අඩවියේ සමහරුන්ගේ සිරුරු දිරාපත් වෙමින් තිබූ අතර ඇතැම්වා බොහෝ කලකට පෙර ජීවිතය නැති වී ඇති සාමාන්‍ය මරණ බවද හඳුනාගෙන ඇත. ඒ නිසා සොහොනේ සාමාන්‍ය ලෙස වළදැමූවන් හා ඝාතනය කර සමූහ වශයෙන් වළදැමූ වන් වෙන් කර හඳුනාගැනීම අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ට දැවැන්ත කාර්යයක් වනු ඇතැයි විදෙස් වාර්තා දක්වයි.
 1990 ගණන්වල බෝල්කන් යුද්ධවලින් පසු යුරෝපයෙන් සොයාගත් විශාලතම සමූහ භූමදානය මෙය බවද සැලකේ.



සමූහ සුසාන භූමිය පිළිබඳ ප්‍රවෘත්තිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ අවධානයට යොමු වූ අතර එය විමර්ශනය කරන බව ප්‍රකාශ කර ඇති අතර මානව හිමිකම් සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියා සිටියේ මෙම සොයාගැනීම යුද්ධයේ “අඳුරුම බියජනක බව” තහවුරු කළ බවයි.