
ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරන්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවේ. සාක්ෂි විභාගය එළඹෙන 26වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (12දා නියම කළේය.
තමන්ට එරෙහිව නඟා ඇති සියලු චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පැවසු අවස්ථාවේදී නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා තීරණය කළේය. මෙම නඩුව පවරා පවත්වාගෙන යැමට නොහැකි බවට විත්තියේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මීට පෙර අවස්ථාවක ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුව විභාග කිරීමට තීරණය කරනු ලැබීය 2013 ඔක්තෝබර් 10වැනිදාත්, 2019 නොවැම්බර් 11වැනිදාත් අතර කාලයේ තිඹිරිගස්යාය. ප්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහන වැවකට දැමූ බවට අසත්‍ය කරුණු පැවසීමට ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු නමින් පෙනී සිටි සරත් කුමාර නමැත්තාට ආධාර අනුබලදීම සහ එම මාධ්‍ය සාකච්ඡාවේදීම කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබී හමුදා භාරයට ගත් රත්තරන් තොගයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සතු කරගත් බවට අසත්‍ය කරුණු පැවසීමට අතුල සංජීව මදනායක නමැත්තාට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා කිහිපයක් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරල් දිලීප පිරීස් මහතා කරුණු ඉදිරිපත් කරමින් නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන්නැයි ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා එළඹෙන 18වැනිදා සිට නඩුව විභාග කිරීමට තීරණය කළේය.
(බුද්ධිමාල් රුබේරු)
Comments
Post a Comment
Your comment will be visible after approval