
‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත් විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 78ක් පමණීයි.
එංගලන්ත පිල වෙනුවෙන් නායක ඉයන් බෙල් ලකුණු 15ක් රැස්කර ගත්තේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සනත් ජයසූරිය පන්දුවාර 4කදී කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
ඔහුගේ එම පන්දුවාර 4න් පන්දුවාර 2ක්ම නිලකුණු පන්දුවාර වන අතර, සනත් විසින් ලබාදුන් ලකුණු සංඛ්‍යාව 3කි.
නුවන් කුලසේකර කඩුළු 2යි.
චතුරංග ද සිල්වා කඩුළු 2යි.
ඉසුරු උදාන කඩුළු 1යි.
ජීවන් මෙන්ඩිස් කඩුළු 1යි.
අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල පන්දුවාර 14යි පන්දු 3කදි කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු 79 ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර ලකුණු 24ක් රැස්කර ගැනීමට සමත් විය.
උපුල් තරංග ලකුණු 23ක් රැස්කර ගත් අතර, ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 2ක් ද ඇතුළත් වේ.
නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 15යි.
නොදැවී පන්දුවට පහරදුන් ජීවන් මෙන්ඩිස් ලකුණු 8යි.
Comments
Post a Comment
Your comment will be visible after approval