jasprit-bumrah-ruled-out-of-t20-world-cup

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයට සති කිහිපයක් තිබියදී, ඉන්දීය කණ්ඩායම විශාල පසුබෑමකට ලක්ව ඇතැයි විදෙස් ක්‍රීඩා වෙබ් අඩවි වාර්තා කරයි. මෙයට මූලිකව බලපා ඇත්තේ, වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා කොන්දේ අමාරුවක් නිසා විවේක ගන්වා සිටීමෙන් ඔහුට තරගාවලිය අහිමිව යනු ඇති බවට වෛද්‍යවරුන් දන්වා ඇති නිසාය.



මීට දින කිහිපයකට පෙර, හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක මාර්ක් වෝ, ජනප්‍රිය රිකී පොන්ටින් සහ හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන, ලෝක කුසලානය සඳහා ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයින් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස බුම්රා තෝරාගෙන තිබුණි.

බුම්රා බදාදා දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා නොකළ අතර දිනකට පසුව, කොන්දේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා බැංගලෝරයේ ජාතික ක්‍රිකට් ඇකඩමියට ගමන් කළේය.

පිටකොන්දේ ආබාධය හේතුවෙන් පසුගිය මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු කුසලාන තරගාවලියද ඔහුට අහිමි වූ අඅතර බුම්රා ශල්‍යකර්මයකට භාජනය වේද යන්න තවමත් පැහැදිලි නැත.
විස්සයි20 අවසන් ඕවරවල ඉන්දීය පන්දු යැවීම පසුගිය කාලයේ දැඩි විවේචනයට ලක්විය.



බුම්රා විස්සයි20 ලෝක කුසලානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළහොත් තේරීම් කමිටුවට තරගාවලිය සඳහා ස්ථාවර ක්‍රීඩකයන් ලෙස එක් කර ඇති මොහොමඩ් ෂාමි හෝ දීපක් චාහර් තෝරා ගැනීමට සිදුවනු ඇත.

 ඉන්දියාවේ පළමු තරගය පාකිස්තානයට එරෙහිව ඔක්තෝබර් 23 වැනිදා MCG හිදී පැවැත්වේ. .