
එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරය ඉදිරිපිට උද්‍යානයක අකුණු සැර වැදීමකින් තිදෙනෙකු මියගොස් ඇතැයි සීඑන්එන් වාර්තා කර තිබේ.
සිකුරාදා පස්වරුවේ, 29 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා මිය ගිය අතර ඊට පැය කිහිපයකට පෙර බ්‍රහස්පතින්දා සවස ඇති වූ දැඩි ගිගුරුම් සහිත වැසි හේතුවෙන්ද පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා කර තිබේ.
තොරතුරු වලට අනුව, පෙර දින මිය ගොස් ඇත්තේ 76 හැවිරිදි සහ 75 හැවිරිදි එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ පුද්ගලයන්ය. සීඑන්එන් වාර්තා කළේ විපතට පත්වූවන් ලෆායෙට් උද්‍යානයේ ගසක් යට නැවති සිටියදී අනතුරට ලක්වූ බවයි. බරපතල තුවාල ලැබූ සිව්වන පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය පිළිබඳ නව තොරතුරු නොමැත.
ධවල මන්දිර ප්‍රකාශිකා Karine Jean-Pierre පැවසුවේ "Lafayette Park හි අකුණු සැර වැදීමෙන් පසු සිදුවූ ඛේදනීය ජීවිත හානි ගැන තමන් කම්පා වූ" බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval