
ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවීමේ යෝජනාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියා සිටියේ,
විපක්ෂය පාර්ලිමේන්තු කාරක සභාවල සභාපතීත්වයන් දිගින් දිගටම ඉල්ලමින් සිටින බැවින්, තමා යෝජනා කළ කාරක සභාවේ සභාපතීත්වය විපක්ෂයට ලබා ගැනීමට ආරාධනා කරන බවයි.
ඒ අනුව එම ක්ෂේත්‍රයන්හි දැනුමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැනි අයෙක් එහි සභාපතිත්වය සඳහා පත්වනවානම් නම් වඩාත් සුදුසු බවද අමාත්‍යවරයා පැවැසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval