alia-bhatt-baby-bump

පසුගිය අප්‍රේල් මාසයේ බොලිවුඩ් සුප්‍රසිද්ධ විවාහය ආලියා භාත් හා රන්බීර් කපූර් අතර සිද්ධවීමෙන් පසු ගතවූ ජූලි මාසයේ තමා ගැබ්ගෙන ඇති බවට ආලියා සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව ඔස්සේ ඇගේ රසිකරසිකාවියන්ට දන්වා සිටියේ ඉඟි සහිත වැකියකිනි. 
මේ අතර කාලයේ රන්බීර් කපුර්ගෙන් බොලිවුඩ් පුවත්පත් ඒ ගැන පළවන කටකතා ගැන අදහස් විමසූ අතර නිවුන් දරු උපතකට ආලියා සැරසෙන්නේද යනුවෙන් ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ නැත.


බොලිවුඩයේ අතිශය සක්‍රීය චරිත දෙකක් වන ආලියා හා රන්බීර්ට මගතොටේ යාමට පවා නොහැකි තරම් ජනප්‍රියත්වයක් පවතින අතර මෙම දරු සම්පත ගැන ආරංචිය නිසා පසුගිය මාස කිහිපයේ පැපරාසීන් ඔවුන් ලුහුබඳිමින් දරුවා ලැබෙන්නට ඉන්නා ආලියා භාත් ඡායාරූපයට නගන්නට උත්සාහ කර තිබුණි.
මේ කරදරයට විසදුමක් ලෙස අවසානයේ නිළි ආලියා භාත් තම සැමියා වන රන්බීර් කපූර් සමඟ එක්ව සිටියදී ඡායාරූප ශිල්පීන්ගේ කාචය ඉදිරිපිට පළමු වරට තම ගැබ් ගැනීම පෙන්වූවාය.ඇයගේ අලුත්ම චිත්‍රපටය සම්බන්ධ මෙම අවස්ථාවේ ලබාගත් ඡායාරූප ඇය පසුව ප්‍රසිද්ධ කළාය.
ආලියා ඉන්ස්ටග්‍රෑම් හි ඡායාරූප පෙළක් බෙදාගෙන, චිත්‍රපටයේ එක් ගීතයක වචන භාවිතා කරමින් ඡායාරූපයට ශීර්ෂ පාඨය යොදා තිබූ අතර ඇගේ කුඩා දරුවා ගැන සඳහන් කරමින්, "දීවා දීවා සමඟ මාධ්‍යයට බැලීමට සියල්ල සූදානම් ...  මගේ පුංචි පැටියෝ... යයි සටහන් කළාය.
all set to see deva deva with the press … & my little darling ❤️😬