
පාසල් නිවාඩුව ලබන 20 වනදා දක්වා දීර්ඝ කර තිබෙන අතර පාසල් යළි ආරම්භ කෙරෙන්නේ ලබන 21ක් වන බ්‍රහස්පතින්දා බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව පාසල් ආරම්භ කරන දිනය මෙසේ කල්දමා තිබෙයි.
පවත්නා ඉන්ධන හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා පිළිබඳ සැලකිලිමත් වීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙයි.
ලබන 18 වනදා පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබුන නමුත් මේ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් යළි ආරම්භ කෙරෙන්නේ ලබන 21වනදායි. නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval