
ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ හෝටල් ආපන ශාලාවකින් ඩොලර් මිලියන 1.7ක් පමණ වටිනා වයින් බෝතල් සොරා ගත් මෙක්සිකානු රූපසුන්දරිය සහ ඇයගේ අපරාධ සහායකයා ක්‍රොඒෂියාවේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ස්පාඤ්ඤ පොලීසිය පවසයි. පුරා මාස නවයක මෙහෙයුමකින් අනතුරුව මෙම දෙපල අත් අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී ඔවුන් වයින් බෝතල් 45ක් සොරගන ඇති අතර, එම බෝතල් අතර 19වැනි සියවසේ නිපදවූ සුවිශේෂි වයින් බෝතලයද තිබූ බවත්, එහි වටිනාකම පමණක් යුරෝ 310,000ක් වූ බවත් පැවසෙයි. 2021 ඔක්තෝබර් 27දා පෙර සිදුකළ සැලසුමකට අනුව ඔවුන් මෙම වයින් බෝතල් සොරකම සිදුකර ඇත.priscila Lara Guevara මෙම මෙක්සිකානු රූපසුන්දරිය 29 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇය ස්පාඤ්ඤයේ පැවැති තරගයක් සදහා සහභාගිවීමට පැමිණි අවස්ථාවේදී අදාළ හෝටලයේ වයින් බෝතල් ගබඩාවේ යතුර සොරකම් කර මෙම සොරකම සිදු කර තිබේ. එහිදී ඔවුන් එම හෝටලය වෙත පැමිණ ඇත්තේ ව්‍යාජ ස්විට්සර්ලන්ත හැදුනුම්පත් ඉදිරිපත් කරමින් බවත් පැවසෙයි. හෝටලයේ ආරක්ෂිත කැමරාවල ඔවුන් පිළිබදව සටහන්ව තිබී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval