
පසුගිය මැයි 09 වනදා මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වීමෙන් පසු ගෝඨාභය අගමැති තනතුරට කිහිප දෙනෙකු සෙව්වේය. එසේ සෙවූ එක් අයෙකු වූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. ෆොන්සේකා ගෙන්වා පැය කිහිපයක සාකච්ඡාවක්ද ගෝඨා පැවැත්වූ නමුත් එදා සවස ගෙන්වා සාකච්ඡා කළ රනිල් පසුදා අගමැති තනතුරට පත් කළේය.
එදා ගෝඨාභය රාජපක්ෂ සරත් ෆොන්සේකාට කියූ දේවල් දෙන්නාම රහසක් වශයෙන් තබාගත් අතර ෆොන්සේකා දැන් ඒ කතාව සතිඅන්ත පුවත්පතකට හෙළි කර තිබේ. ඔහු පවසන්නේ එදා තමන් කියූ දේවල් ඇසුවේ නම් ගෝඨා තවමත් ජනපති පුටුවේ බවයි.
ෆොන්සේකා ඒ ගැන කියා තිබුනේ මෙසේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔබට මීට පෙර අගමැතිකම භාර ගන්න කිව්වා නේද?
එදා භාරගත්තා නම් ඔබට මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණද?
මම එදා කිව්ව විදිහට ඔහු වැඩ පටන් ගත්තා නම් ඔහුත් අදත් රටේ සිටිනවා.
ඔබ එදා ඔහුට කිව්වේ මොනවද?
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය යළිත් ගේන්න ඕන. ඔහු සියලු අමාත්‍යාංශ අතහරින්න ඕන. අගමැති ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජන ආරක්ෂාව සියල්ල මට දෙන්න ඕන කියලයි. ඔහු පියවරක් පසුවට අරගෙන මට රට කරන්න දුන්නොත් මම තනතුර භාර ගන්නවා කියලා කිව්වා. ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇති වෙලා මේ තත්ත්වයක් සමනයට පත් වෙයි කියලා මම ඔහුට එදා කිව්වා. ඔහු එය විශ්වාස කළේ නැහැ. ඔහු කිව්වා ඒකට ඔහුගේ අයියලා දෙන්නා කැමති නැහැ කියලා. ඊට පසුව එතැනින් එහාට කතා බහක් ගියේ නැහැ. එදා එහෙම වුණා නම් ජනතාවට ඔහු කෙරෙහි තිබූ කෝපය නැතිවෙන්න තිබුණා. එහෙනම් අදටත් ඔහු ජනාධිපති කමේ සිටිනවා කියලා මම හිතනවා. එහෙනම් අපි මේ වෙනකොට රට යම්කිසි ගමනක් යන්න ආරම්භ කරලා.
Comments
Post a Comment
Your comment will be visible after approval