
සුප්‍රසිද්ධ Tesla සහ Space Xසමාගමේ නිර්මාතෘවරයා සහ හිමිකරුවා වන එලෝන් මස්ක් 09වැනි වරටත් පිය පදවියට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඔහුට අයත් කෘත්‍රිම බුද්ධි සමාගමක් වන Neuralink සමාගමෙහි විධායක නිලධාරිනියක ලෙස කටයුතු කළ 36 හැවිරිදි ෂිවොන් සිල්ස් විසින් මෙම දරුවන් බිහිකර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
2021 නොවැම්බර් මාසයේදී මෙම නිවුන් දරු උපත සිදුව තිබේ. පසුගියදා ඔවුන් දෙදෙනා එක්ව මෙම අලුත උපන් දරුවන්ගේ නම් සම්බන්ධයෙන් ටෙක්සාස් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති ලියවිලිවලට අනුව මේ බව සනාථ වී තිබේ. මෙහිදී ඔවුන් එම දරුවන් වෙත ඔවුන්ගේ නමෙහි මැද කොටස ලෙස පියාගේ අවසන් නම සහ මවගේ අවසන් නම යෙදීමට අධිකරණයෙන් අවසර ඉල්ලීමක් සිදුකර තිබේ.
මෙම ඉල්ලීමට ටෙක්සාස් විනිසුරුවරයා අනුමැතිය ලබාදී ඇතැයි පැවසෙයි. ඒ අනුව මෙම නිවුන් දරු උපතත් සමග එලෝන් මස්ක් දාව මෙලොව උපත ලබා ඇති දරුවන් සංඛ්‍යාව 09ක් බවට පත්වන බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි. මීට පෙර ඔහුගේ හිටපු බිරිද වූ ජස්ටින් විල්සන් විසින් දරුවන් පස් දෙනෙකුට උපත ලබාදී ඇති අතර, මස්ක් පසුකාලීනව සබඳතා පැවැත්වූ කැන්ඩියානු ජාතික ගායිකාවක වන ග්‍රිමෙස් දරුවන් දෙදෙනකුට උපත ලබාදී තිබේ.මෙම දරුවන්ගෙන් දෙවැනියා උපත ලබා ඇත්තේ මගේ නිවුන් දරුවන් උපත ලැබීමට සති කිහිපයකට පෙරාතුව වීමත් විශේෂත්වයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval