
ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ලෙස ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක මහතා තරග කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී විජිත හේරත් මහතා පවසයි.
අද (16) දහවල් එම පක්ෂ මූලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මෙසේ සඳහන් කළේය.
"පාර්ලිමේන්තුව ඇතුළේ ජනාධිපතිවරයා තේරීමේ තරගයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේ
පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාව අපි ඉදිරිපත් කරනවා."
"ඒ මේ රට වැටිලා තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා නායකත්වය ලබාදීමට."
"ඒ වගකීම ඉටුකරන්න අපි සූදානම්. අපි පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ පොදු
එකඟතාවයක වැඩපිළිවෙලක් වෙනුවෙන් කටයුතු කරමු කියලයි."
Comments
Post a Comment
Your comment will be visible after approval