
ඇමරිකානු ජනපති ජෝ බයිඩෙන් ඩෙලවෙයාර් හි පිහිටි ඔහුගේ වෙරළ නිවහන අසල කේප් හෙන්ලොපෙන් ප්‍රාන්ත උද්‍යානයේ සෙනසුරාදා සවාරියක් අවසානයේ තම බයිසිකලයෙන් බැසීමට උත්සාහ කිරීමේදී ඇද වැටුනේය. නමුත් ඔහුට එයින් හානියක් නොවූ බව පැවසීය.
එක්සත් ජනපද රහස් සේවා නියෝජිතයන් ඉක්මනින් ඔහුට උදව් කිරීමෙන් පසු ඔහු නැගිට්ට අතර වාර්තාකරුවන්ට පැවසුවේ "මම හොඳයි" කියාය.
‘පැඩලයේ ඇඟිලි රඳවන තුළ මගේ පාදය හසු වුණා" ඔහු කීය.
79 හැවිරිදි බයිඩෙන් සහ ජනාධිපති ආර්යාව ජිල් උදෑසන සවාරියක් අවසන් කරමින් සිටියදී පාපැදි මාර්ගය අසල සිටගෙන සිටින සුභ පතන්නන් පිරිසක් වෙත සමීපවීමට ජනාධිපතිවරයා තීරණය කළේය.
හෙල්මට් එකක් පැළඳ සිටි බයිඩෙන් බිමට බැසීමට උත්සාහ කරන විට පය පැඩලයේ පැටලී ඇද වැටුණු අතර, පෙනෙන විදිහට ඔහුගේ දකුණු පැත්ත පෙරළී ගියේය.
ජනාධිපතිවරයා ඉක්මනින්ම නැගිට තමා බයිසිකල් පැදීම නැරඹීමට රැස්ව සිටි ජනතාව සමඟ විනාඩි කිහිපයක් කතා බහ කළේය. ධවල මන්දිරයේ ප්‍රකාශයකට අනුව බයිඩෙන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවූ බව පවසා ඇත.
Video1
Comments
Post a Comment
Your comment will be visible after approval