
පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලයින් ඕස්ට්‍රෙලියාව සමග අවසන් එක්දින තරගය නරඹන්නට කොළඹ ආර් ප්‍රේමදාස පිටියට පිවිසයේ කහපාට ඇඳගෙනය. ඊට හේතුවූයේ දුෂ්කර කාලයේ ලංකාව තනි නොකර ඩොලර් උපයන්නට වක්‍ර උදව්වක් සපයමින් ඔවුන් මෙරට ක්‍රිකට් තරගයට එක්වීමය.
එය උතුම් ක්‍රියාවක් ලෙස ඇගයුමට ලක්වූ අතර එයට ප්‍රතිචාරයක්ලෙස ගාල්ලේදී ආරම්භවූ ඕස්ට්‍රෙලියාව සමග ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රේක්ෂකයින් අතර සිටි ඇතැම් ඕස්ට්‍රෙලියානුවන් ශ්‍රී ලංකා පිලේ පැහැය වන නිල් පාට ඇඳගෙන පැමිණ කෘතගුණ දක්වා තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval