
ශ්‍රී ලංකාව හා සංචාරක ඕස්ට්‍රෙලියානු පිල අතර අද (24) ආර්ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවති පස්වන හා අවසාන එක්දින තරගයෙන් ජය ගැනීමට ඕස්ට්‍රෙලියානු පිල සමත් විය.
ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදී ලබාගත් අඩු ලකුණු සංඛ්‍යාව මෙම පරාජයට හේතුවිය.
ශ්‍රී ලංකාව මුල් ඉනිම ක්‍රීඩාකරමින් ලබාගත්තේ ලකුණු 160 ක් පමණි. චාමික කරුණාරත්න ලකුණු 75 ක් කුසල් මෙන්ඩිස් 26 ක් හැරෙන්නට අනෙක් සියලු දෙනා 15 ට වඩා අඩු ලකුණු රැස් කළ අතර 43.1 ඕවරයේදී සියල්ලන් දැවීයාමද විශේෂිතය.
මෙම පහසු ඉලක්කය ඕස්ට්‍රෙලියාව පසුකර ගියේ ඕවර 39.3 කදීය. කඩුළු 6 ක් දැවී 164 ක් තබා ඕස්ට්‍රෙලියාව ජයගත් අතර අලෙක්ස් කේරි 45 ක් හා මාර්මුස් 31 ක් ලබා දස්කම් දක්වන ලදි. දුනිත් වෙල්ලාලගේ කඩුළු 3 ක් හා මහීෂ් තික්ෂණ කඩුළු 2 ක් ලබා ජයග්‍රහණය වළක්වන්නට ප්‍රබල උත්සාහයක නිරත විය.
මේ අනුව ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර එක්දින තරගාවලිය 3-2 ක් ලෙස අවසන් විය. තරගාවලි ජය ශ්‍රීලංකාව සතුවන්නේ මින් පෙර ජයග්‍රහණ නිසාය.
ලකුණු සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval