anthony-fauci-covid19

එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශකවරයා වන වෛද්‍ය ඇන්තනි ෆවුසි හට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි එරට ජාතික වෛද්‍ය ආයතනය අනාවරණය කරයි. ඔහු සම්බන්ධයෙන් සිදු කළ ඇන්ටිජන් පරික්ෂාවකදී මේ බව හඳුනාගෙන තිබේ.



මේ වනවීට ඔහු මෘදු රෝගලක්ෂණ සහිතව නිවසේ සිට රාජකාරී කරමින් සිටින බවත් පැවසෙයි. නව කොරෝනා වසංගතයේ ලෝක ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේදී වඩාත් කැපී පෙනෙන එක්සත් ජනපද විද්‍යාඥවරයෙකු බවට වෛද්‍ය ඇන්තනි ෆවුසි පත්විය. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමින්ගේ සෞඛ්‍ය ආරක්ෂක සහ එන්නත්කරණ තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ ෆවුසි අතර පැවැති මතභේදකාරී තත්වයද ඊට හේතුවිය.81 හැවිරිදි වියේ පසුවන වෛද්‍ය ඇන්තනි ෆවුසි මේ වනවිට COVID-19 එන්නත් මාත්‍රා දෙකක් සහ තවත් බූස්ටර් එන්නත් මාත්‍රා දෙකක්ද ලබා ගත් අයෙකි.